ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාව කොළඹට එයි . . .

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

අදාල රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙක් බවත් දැනගන්නට තිබේ.

එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති බවත් එම රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 ක් පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ දුන් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙද හෙදියන් බඳවා ගැනීමට උපදෙස් . . .

Wed Aug 30 , 2023
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබේ. මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (29) සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x