ජාතික ඖෂධ අධිකාරියට ඇමෙරිකානු පුහුණුවක් . . .

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම පුහුණුවේ අරමුණයි.

අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා ආහාර පිළිබද අධිකාරිය වන එෆ්.ඩී.ඒ ආයතනයේ අභාෂය ගනිමින් ඉදිරියේදී ඖෂධ ගෙන්වීම හා නියාමනය කිරීමේදී එම ආයතනයේ උපදෙස් ගන්නා බවය.

ඉදිරියේදී තත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය අවම කරගැනීම සදහා මෙම දැනුම ඖෂධවේදීන් භාවිතා කරනු ඇතැයි සභාපතිවරයා කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාව කොළඹට එයි . . .

Wed Aug 30 , 2023
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. අදාල රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙක් බවත් දැනගන්නට තිබේ. එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x