මැණික් තොගයක් රටින් පන්නන්න හැදූ කාන්තාවක් මාට්ටු . . .

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙනයාමට උත්සාහ කළ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවකි.

30 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණය වී ඇත.

අද උදෑසන ඇය කටුනායක සිට චෙන්නායි බලා ගමන් කිරීමට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඇයගේ ඇඳුම් තුළ සඟවාගෙන සිටියදී සොයාගෙන ඇති මැණික් තොගයේ බර ග්‍රෑම් 2311.75ක් බවට අනාවරණය වී ඇත.

එහි තිබූ විවිධ වර්ගයේ මැණික් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 29.1 ක් බවට ගණන් බලා ඇත.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව එම කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික ඖෂධ අධිකාරියට ඇමෙරිකානු පුහුණුවක් . . .

Wed Aug 30 , 2023
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම පුහුණුවේ අරමුණයි. අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x