තවත් කර්මාන්ත ශාලාවක් වැසෙයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ පිරිස ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමේ ප්‍රතිඵලයක් ලෙසින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇක්වා පැකේජින් කර්මාන්ත ශාලාව (AQUA PACKAGING PVT LTD) අද (31) වසා දැමීමට සිදුවී ඇති අතර මේ නිසා 400කට ආසන්න සේවක පිරිසකගේ රැකියා අහිමි වී තිබේ.

මෙම කර්මාන්ත ශාලාව වසර 35කට වැඩි කාලයක් පුරා පවත්වා ගෙන ගොස් ඇති අතර එය ඍජුවම විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගෙන නිෂ්පාදනය කළ බව වාර්තා වේ. මේ වනවිට මෙවැනි විදේශ විනිමය උපයන කර්මාන්ත ශාලා රැසක් වසා දැමීමට සිදුවී, කාර්මික අපනයනවලින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද විශාල වශයෙන් බිඳ වැටෙමින් පවතී. එහෙත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ආර්ථිකය ගොඩ ගනිමින් පවතින බවය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාසල් කාලය දක්වා දීර්ඝ කරයි . . .

Thu Aug 31 , 2023
පාසල් කාලසීමාව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  පවසනවා. ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x