ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය.
එම බස් ගාස්තු සංශෝධනය අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කීය.
බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තු රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් ද එකඟ වූ බව කී එම නිලධාරියා සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බව ද සඳහන් කළේය.
- යොහාන් භාසුර