සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කටයුතු සඳහා සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 08 දක්වා වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි.
අද (01) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.