ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂක චීන සියිනොපෙක් සමාගමද තම පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන වල මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව එම මිල ඉහළ දැමීත් සමඟ රුපියල් 345ක පැවති පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 358ක්ද රුපියල් 372ක්ව පැවති පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 414ක්ද වනු ඇත.
එමෙන්ම රුපියල් 303ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 338ක්ද රුපියල් 355ක පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 356ක්ද වනු ඇත.
මේ අතර රුපියල් 226ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 දක්වා ඉහළ යනු ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන හල් විදේශීය සමාගම්වලට පැවරීමේ අවස්ථාවේදී විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පැවසූවේ ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන යටතේ මෙලෙස ඉන්ධනහල් පුද්ගලීකරණය කිරිමෙන් ඇතිවන තරඟකාරීත්වය මත ජනතාවට ඉතාම අඩු මුදලට ඉන්ධනල ලබා ගත හැකි වනු ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිට සිදුව තිබෙන්නේ පෙර පරිදිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව පුද්ගලික ඉන්ධන හල්ද සිය මිල ගණන් සංශෝධනය කිරීමය.
