සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම අත්හිටුවයි . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන අන්තර් සමාජ තුන්දින තරගාවලිය සහ ආරාධිත ක්‍රිකට් සමාජ අතර පැවැත්වෙන ටියර් B තුන්දින තරගාවලි ද ඊට අයත් වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් සිදුකළ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අගෝස්තු 25 වනදා ලිඛිත උපදෙස් ලබාදුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Bimputh Finance බලපත්‍රය අහෝසි කෙරේ . . .

Fri Sep 1 , 2023
  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කර තිබේ. ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති. 2023.09.01 එනම් අද සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවයි, නිවේදනයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x