ලාංකික සම්භවයක් සහිත සිංගප්පූරුවේ නව ජනාධිපති . . .

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත.

ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ.

වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසම ඊයේ(01) ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළේය.

සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී ඇත. ධර්මන් ෂන්මුගරත්නම් ගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් ශ්‍රී  ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.

ධර්මන් ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ධර්මන් ෂන්මුගරත්නම් මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරද දරා තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට . . .

Sat Sep 2 , 2023
ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු  සියයට 5 කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය. ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දැමීමෙන් බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන බවත් එම පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙසේ ගාස්තු ඉහළ දැමූ බවත් එම සංගමය සඳහන් කරයි. යොහාන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x