චන්ද්‍රයාන් – 3 මෙහෙයුම යටතේ සඳ මත ගවේෂණයේ නිරත වූ ‘ප්‍රාග්යාන්’ රෝවරය විරාම ගන්වා තිබේ.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසන්නේ එම රෝවරය සඳහා සැලසුම් කළ මෙහෙයුම් සියල්ල අවසන් කර ඇති අතර, එය නිද්‍රා ගන්වා ඇති බවයි.
ප්‍රාග්යාන් ගොඩබස්වා ඇති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැව කලාපයට රාත්‍රී කාලය උදාවීම හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබිණි.
ඒ ප්‍රාග්යාන් රෝවරයේ බැටරි ආරෝපණය සඳහා සූර්ය බලය අත්‍යවශ්‍ය වීම හේතුවෙනි.
සඳේ මීළඟ ඉර උදාව ලබන සැප්තැම්බර් 22 වනදාට යෙදී ඇති අතර, ඉන් පසුව ප්‍රාග්යාන් භාවිත කිරීමට හැකි වනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.