රංජිත් සියඹලාපිටිය හදිසියේ අසනීපවේ . . .

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය.

භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

කෑගල්ල ප්‍රදේශයේ උත්සවයකින් අනතුරුව පැවැති භෝජන සංග්‍රහයකදී ඔහු මෙම ආහාර අනුභව කර තිබූ බව කියති.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

ඇමතිවරයා ගත් ආහාර රජයේ රස පරීක්ෂක වරයාට යොමු කිරීමටද පොලිසිය කටයුතු කරගෙන යයි.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෑස් මිල වැඩිවේ . . .

Sun Sep 3 , 2023
මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි. එහි සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බවයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x