ගෑස් මිල වැඩිවේ . . .

මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව මුදිත පීරිස් සඳහන් කර තිබේ.

පසුගිය අගෝස්තු මස 04 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිත ව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබීය.

ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982ක මිලකට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198කට හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561ක මිලකට අලෙවි වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළඳපොළේ . . .

Sun Sep 3 , 2023
ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළෙඳපොළේ තව දුරටත් පවතින බවට ජාතික පාරිභෝගික පෙරමුණ අනාවරණ කරයි. එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර රත්නකීර්ති පැවසූවේ මේ වන විටත් පාරිභෝගිකයින් පාරිභෝජනය කරනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර සැමන් බවයි. ඇතැම් ටින් මාළු වෙනුවෙන් SLS සහතිකය ලබා දුන් ආකාරය ප්‍රෙහේලිකාවක් බව ඔහු පවසයි. මේ සියල්ලම අල්ලසට යටත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x