අජිත් රෝහණගේ පෙත්සම විසිවේ . . .

නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි කියා සිටියේ මෙම මාරුවීම පොලිස් කොමිසම විසින් ඒකමතිකව සිදු කර ඇති බවත් පෙත්සම්කරු සමග මාරුවීම් සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකු මේ පිළිබඳ කිසිඳු අභියෝගයක් කර නොමැති බවත්ය. ඒ හේතුවෙන් මෙම පෙත්සම ඉවත දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි ඉල්ලා සිටියාය.

  • රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලාෆ්ස් ගෑස් මිල ඉහළට . . .

Mon Sep 4 , 2023
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත. එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 3835කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x