සරසවි පෙම වියරු වෙයි . . .

තම පෙම්වතා විසින් අමානුෂික ලෙස පහර දීමකට හා වධහිංසා පැමිණවීමකට ලක්වීමේ හේතුවෙන් විසි නව හැවිරිදි තරුණියක් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්වසන ආධාරක යන්ත්‍රයක් සවි කර ඇති ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින බවයි.

රෝහල් ගත කර ඇති ඇයගේ තත්ත්වය අසාධ්‍ය වෙමින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැව්වද ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින නිසා නැවතත් වතුපිටිවල රෝහලටම  යැවීමට කටයුතු කර  තිබේ.

මෙම තරුණිය අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති බවට චෝදනා කරමින් ඇගේ පෙම්වතා විසින් ඇය ප්‍රදේශයේ ලැගුම්හලකට බලහත්කාරයෙන් ගෙන ගොස් රැය පහන් වන තුරු අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් පහර දී ඇති බව වාර්තා වෙයි.

පෙම්වතියට පහරදුන් ඇගේ පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනාම රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය වන අතර එම කාල සීමාවේ සිට ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබේ.

අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු පෙම්වතිය නිට්ටඹුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියාවක් කරමින් ඇති අතර සිට ඇති අතර පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ මැණික් කර්මාන්තයට සම්බන්ධ වී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියාවේ නම වෙනස් වෙයිද? . . .

Tue Sep 5 , 2023
ඉන්දියාවේ නම භාරත් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ යළි කතාබහක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය පැවසුවේ G20 සමුළුවට සමගාමීව ඉන්දීය ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නායකයින් සඳහා පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධනා පත්‍රය පදනම් කර ගනිමින් මෙම ප්‍රශ්නගත කාරණය මතුව ඇති බවයි. අදාළ ආරාධනා පත්‍රයේ ජනාධිපති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x