ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් . . .

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට තිබු බාධක ඉවතට . . .

Tue Sep 5 , 2023
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍ය තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x