මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳවැටීමේ අවධානමක් . . .

රට තුළ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හිඟය හේතුවෙන් ඉදිරියේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳවැටීමේ අවධානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ, මේ වන විට රට තුළ 3,000ක පමණ පවුල් සේවිකාවන්ගේ හිඟයක් පවතින බවය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් ලැබී නොමැති බව ඇය පැවසුවාය.

“මේ වනවිට දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ 3,000කගේ පුරප්පාඩු තියෙනවා. මේ විදියට ගියොත් දිගින් දිගටම පවුල් සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු තව තවත් වැඩිවෙන්න ගියොත්, බඳවා ගැනීම් සිද්ධ නොවුණොත් මේ රටේ මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳ වැටෙනවා. මේ සෞඛ්‍ය සේවාව බිම්මට්ටමේ ගෙයින් ගෙට යන සෞඛ්‍ය නිලධාරිනියන්ගේ හිඟයක් ඇති වෙලා මේ සේවාව බිඳ වැටුණොත් අනිවාර්යයෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳවැටෙනවා. මේ දක්වාත් බිඳවැටෙනවා කියන එක අපි අවධාරණය කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක් වෙනවා හැකිතාක් ඉක්මනින් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් බඳවා ගැනීම.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිර්වින්දන වෛද්‍යවරිය අතුරුදන් . . .

Tue Sep 5 , 2023
ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය දින කිහිපයක් තිස්සේ සේවයට වාර්තා කර නොමැති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙයි. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් අදාළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රෝහල් බලධාරීන් වෙත කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවටය. කෙසේ වෙතත් මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවරිය වෙනත් අයෙකුගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x