චීන මහා ප්‍රාකාරයට වුන දෙය . . .

චීන මහා ප්‍රාකාරයේ කොටසකට හානි කළ දෙදෙනෙකු චීන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හ 55 හැවිරිදි කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කම්කරුවන් වන ඔවුන් කෙටි මාර්ගයක් සකසා ගැනීම සඳහා යා චීන මහා ප්‍රාකාරයේ කුහරයක් විශාල කර එම ස්ථානයෙන් ගමන් කිරීම සඳහා ඔවුන් දෙදෙනා ප්‍රාකාරයට හානි සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා චීන මහා ප්‍රාකාරයට බරපතල ලෙස හානි සිදු කර ඇති බව ද චීන බලධාරීන් පවසනවා.

එලෙස හානි සිදු කර ඇති කොටස පර්යේෂණ වටිනාකමින් බොහෝ ඉහළ කොටසක් බවයි වාර්තා වන්නේ.

චීන මහා ප්‍රාකාරයට 1987 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවා.

ලොව පුරා වෙසෙන පුද්ගලයින් මිලියන ගණනක් වාර්ෂිකව සංචාරකයින් ලෙස චීනයට පැමිණෙන්නේ චීන මහා ප්‍රාකාරය දැක බලා ගැනීමේ ප්‍රමුඛ අරමුණින්.

එය චීනයේ ශ්‍රේෂ්ටත්වය පෙන්නුම් කෙරෙන සාධකයක් ලෙසයි සැලකෙන්නේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කරන්න නව සමාගමකට . . .

Thu Sep 7 , 2023
පෑලියගොඩ මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කිරීමට මේ මාසයේදී නව සමාගමකට ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන), ඊ.ඒ.සි. ප්‍රියශාන්ත පවසයි. ඔහු සඳහන් කරන්නේ දැනට කැලි කසල ඉවත්කරනු ලබන සමාගමේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් ප්‍රශ්න ගණනාවක් උද්ගතවී තිබෙන බවයි. මෙම වෙළඳපොළ නිරන්තරයෙන්ම පිරිසිදුව පවත්වාගෙන යෑමට තමන් වෙළඳසංගම්වල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x