සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරයට . . .

මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය.

සචිත්‍ර සේනානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

එසේම, ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකුට අවස්ථාවද ලබාදීමටද කටයුතු කර තිබූ බවයි වාර්තා වූයේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු වන සචිත්‍ර සේනානායකව අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු අතර, ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට (SIU) නියෝග කිරීමයි.

ඒ අනුව සචිත්‍රට එරෙහිව සිදු කළ විනය විමර්ශන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ඔහු තරග පාවාදීමකට හවුල්කරුවෙකු වී ඇති බවට වාර්තා වී ඇති බවය.

2019 අංක 24 ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනතට අදාළව ඔහුට එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බවත් තොරතුරු අනාවරණය විය.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරඟ පාවාදීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

2023 අගෝස්තු මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට මාස තුනක විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ, ඒවා තමා සහ තමාගේ පවුලේ අය අපකීර්තියට පත් කිරීම අරමුණු කරගත් පදනම් විරහිත චෝදනා බව පවසමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Channel 4 හෙළිදරව්ව ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක් . . .

Wed Sep 6 , 2023
පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කර ගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (සැප්. 6) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. එහිදී උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වාර්තා වැඩසටහන ඔස්සේ හෙළිදරව් කරනු ලැබූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමන් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x