Channel 4 හෙළිදරව්ව ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක් . . .

පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කර ගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (සැප්. 6) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වාර්තා වැඩසටහන ඔස්සේ හෙළිදරව් කරනු ලැබූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමන් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ය.

එමෙන් ම, පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන තවත් කමිටුවකින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවනු ඇතැයි තමන් කිසි ලෙසකින් නොසිතන බව ද උන්වහන්සේ පැවසූහ.

එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කෙරෙන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බැවින් එම යෝජනාව පිළිනොගන්නා බව උන්වහන්සේ සඳහන් කළහ.

එබැවින් එම විමර්ශනය ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබිය යුතු යැයි උන්වහන්සේ කරුණු 4ක් ඔස්සේ පැහැදිලි කරමින් පෙන්වා දුන්හ.

තව ද පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන් ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණු නිශ්චිත කරුණු දැන සිටී නම් “ධෛර්යවන්තව” ඒවා හෙළිදරව් කරමින් “සත්‍යයට සාක්ෂි දරන්නට” ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අදාළ මාධ්‍ය හමුවේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මාධ්‍ය වෙත ලබා දෙන ලද සිය මුද්‍රිත ප්‍රකාශය පහතින් දැක්වේ.

  • mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති . . .

Wed Sep 6 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු  මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින්  අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා  එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x