කොවිඩ් ප්‍රතිකාරයකින් ඇස්වල පැහැය වෙනස් වෙයි . . .

මාස 6 ක පිරිමි දරුවෙකු හට සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාරයකින් පසු තද දුඹුරු ඇස්, තද නිල් පැහැ ගැන්වී තිබෙන පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ.

අදාළ දරුවා දිනක් උණ සහ කැස්සකින් පෙලීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට රෝග විනිශ්චය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහුට දින 3 ක් Favipiravir ඖෂධය සමඟ ප්‍රතිකාර කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත්, ඖෂධය ආරම්භ කර පැය 18 කට පසුව, මව නිරීක්ෂණය කර ඇත්තේ දරුවාගේ ඇස්වල තද දුඹුරු වර්ණය දීප්තිමත් නිල් පැහැයට මාරුවන බවයි.

ඒ අනුව, Favipiravir ඖෂධය නතර කර දින පහකට පසු යළි එම ඇස් මුල් දුඹුරු පැහැයට හැරී තිබේ.

පසුගිය වසරේ දී තායිලන්ත මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය Favipiravir ප්‍රතිවෛරස් ප්‍රතිකාරය අනුමත කර ඇත්තේ, කොවිඩ් 19 හි මෘදු හෝ මධ්‍යස්ථ රෝග ලක්ෂණ අත්විඳින දරුවන් සඳහායි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුලතිව් කැළෑවකින් ශ්‍රී පතුලක් මතුවෙයි . . .

Thu Sep 7 , 2023
මුලතිව් ඔඩ්ඩුසුඩාන් වාවෙට්ටි කඳුකර ප්‍රදේශයේ කැළෑවකින් ආදී මිනිසුන් විසින් වන්දනාමාන කරන ලද නටබුන් සහිත ස්ථානයක් හමු වී තිබේ. ඔඩ්ඩුසුඩාන් තානේස්වරී ප්‍රදේශයේ හින්දු ජනයා විසින් කෝවිලක් ඉදිකරගෙන ඊට වන්දනාමාන කරන අතර එම ස්ථානයට කිලෝමීටර් පහක් පමණ ඈතින් වාවෙට්ටි කඳුකර ප්‍රදේශයෙන් මෙම නටබුන් සහිත ස්ථානය හමු වී ඇත්තේ කෝවිලේ කිරිබත් පිසීමට මී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x