ත්‍රිපෝෂ නැතුව පෝෂණය වැටිලා . . .

රටපුරා ත්‍රිපෝෂ බරපතළ   හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ  පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

එසේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින්  එය වහාම නවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ  කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

කිරිදෙන මවුවරුන්ට ගැබිනි මවුවරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන  ත්‍රිපෝෂ අද  හරියාකාරව දෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත්  පෞද්ගලීකරණය කිරීමට මේ රජය කටයුතු කරන බවට ආරංචියි. පෞද්ගලීකරණ ලයිස්තුවේ ඒ ආයතනය තියෙනවා. එම ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියලා මම ඉල්ලනවා. ත්‍රිපෝෂ  දීම ඕනෑම රජයක වගකීමක්. දරුවන්ගේ මවුවරුන්ගේ පෝෂණය ගැන බලා ගැනීම රජයක වගකීමක්.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුහුද යට ඉන්න නැවතුම්පොළක් . . .

Thu Sep 7 , 2023
මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත. වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් මෙම නැවතුම්පොළ ඉදිකිරිමට තීරණය කර තිබේ. මුහුදේ ඉර එළිය වැටෙන කලාපයේ සිටින සියයට 90 ක් මුහුදු ජීවින් අධ්‍යනය කිරීම සඳහා පර්යේෂකයන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x