මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කරන්න නව සමාගමකට . . .

පෑලියගොඩ මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කිරීමට මේ මාසයේදී නව සමාගමකට ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන), ඊ.ඒ.සි. ප්‍රියශාන්ත පවසයි.

ඔහු සඳහන් කරන්නේ දැනට කැලි කසල ඉවත්කරනු ලබන සමාගමේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් ප්‍රශ්න ගණනාවක් උද්ගතවී තිබෙන බවයි.

මෙම වෙළඳපොළ නිරන්තරයෙන්ම පිරිසිදුව පවත්වාගෙන යෑමට තමන් වෙළඳසංගම්වල සහාය බළාපොරොත්තුවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

පෑලියගොඩ මැනිං වෙළඳපොළේ උද්ගතව ඇති ගැටළු විසඳීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන), ඊ.ඒ.සි. ප්‍රියශාන්ත අද (7) මේ බව ප්‍රකාශ කළේය.

ඔහු මෙසේද පැවසීය.

කොළඹ මැනිං වෙළදපොළ කොළඹ සිට පෑලියගොඩට ගෙන ආවේ සැලසුමකට අනුවයි.

මෙය කොළඹ පවතින විට විශාල රථවාහන තදබදයක් පැවතුණා. කොළඹ වාණිජ අග නගරය ලෙස සංවර්ධනය වන විට මෙම වෙළදපොල එහි පවත්වා ගැනීම අපහසු වුණා. එය කොලඹ තිබුනේ කිසි පිළිවෙලකට නෙමෙයි. එම ස්ථානයට පැමිණෙන තොග වෙළදුන්ට සහ මිනිසුන්ට වාහන නතර කරගන්න බැහැ. එම නිසා සංවර්ධන සැලසුමකට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ අක්කර 5 ක පමණ පැවති මැනිං වෙළදපොළ අක්කර 13 ක ප්‍රමාණයකට පෑලියගොඩට ගෙන ආවා. පෑලියගොඩට ගෙන ආවට පස්සේ ඕනෑම වෙළෙදෙකුට අධිවේගී මාර්ග හරහා මෙම ස්ථානයට පැමිණෙන්න පුළුවන්. වෙළදපොල විතැන් කිරීමේදී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වෙළදපොල ගෙන ඒම නිසා තොග වෙළදාමට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. වාහන පාර්ක් කරන්න පුළුවන්. නමුත් සිල්ලර වෙළදාම සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට ප්‍රවාහන ප්‍රශ්න තිබෙනවා, මගී ප්‍රවාහන බස්රථ මේ හරහා ගමන් නොකිරීම නිසා. අපි අවස්ථා කිහිපයකදීම ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග කතා කරා මේ හරහා බස්රථ ගමන් කිරීම සම්බන්ධයෙන්. නමුත් එය අසාර්ථක වුණා. බස් ධාවනයට තරම් ප්‍රමාණවත් මගින් පිරිසක් එම මාර්ගවල නැති නිසා ප්‍රවාහන අංශ ඊට අකමැති වුණා.නමුත් අපි තවමත් ඒ සඳහා උත්සාහ ගන්නවා.මෙහි තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි කැලි කසල සහ වැසිකිලි ප්‍රශ්නය. අපි මෙය සැලසුම් කරන විට බලාපොරොත්තු වුනාට වඩා වැඩි ජනතාවක් මෙම ස්ථානයට පැමිණෙනවා. ඒ නිසා දැනට ක්‍රියාත්මක වැසිකිලි පද්ධතියවල උතුරා යාම ඇතැම් විට සිදුවෙනවා. එය උපරිමයෙන් පාලනය කිරීමට අපි කටයුතු කරනවා. අපි වසරකට කලින් මෙම වැසිකිලි පද්ධතිය ටෙන්ඩර් පටිපාටිය අනුව පෞද්ගලික අංශයට දීලා බැහැර කරන්න කටයුතු කරන්න හැදුවා. නමුත් මැනිං වෙළද සංගම් ඊට විරුද්ධ වුණා. අපිට පමණක් මෙම කටයුත්ත කරන්න අපහසුයි. වෙළද සංගම්වල සහයෝගයත් අපිට අවශ්‍යයි. අපි මේ සදහා විසදුම් ලබා දෙන්න කඩිනමින් කටයුතු කරනවා. මෙහි ආපන ශාලාවයි කසල බැහැර කරන ස්ථානයයි එක ලග පිහිටා තිබෙනවා. එම නිසා කසල බැහැර කරන තැන වෙනත් තැනකට ගෙන යන්න කටයුතු කරනවා. කසල ටොන් 7ක් 8ක් පමණ එකතු වුණාම තමයි කසල ඉවත් කරන්නේ. සමහර විට කසල ඉවත් කිරීම සවස් වන විට තමයි අදාල සමාගම සිදු කරන්නේ. කැලි කසල ඉවත් කිරීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමේ අකාර්යක්ෂමතාවයත් මේ සදහා බලපාලා තියෙනවා. අපි අලුතින් ටෙන්ඩර් කෝල් කරලා අලුත් සමාගමක් තෝරා ගැනීමට කටයුතු කරනවා. මේ මාසේ ඇතුලත වෙනත් සමාගමකට දෙන්න කටයුතු කරනවා. ඒ සමග මෙම ප්‍රශ්නය විසදා ගන්න පුළුවන් වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය ලෙස අපි පෑලියගොඩ මැනිං වෙළදපොළ සාර්ථක පවත්වා ගන්න පුළුවන් උපරිම කටයුතු ඉදිරියටත් සිදු කරනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අරක්කු වලට දරුණු විෂක් එක්කරයි . . .

Thu Sep 7 , 2023
මෙරට අරක්කු ලෙස අලෙවි කරමින් සිටින්නේ යූරියා දමා සකසන විෂ දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ සඳහන් කර සිටිනවා. එම හොර අරක්කු වල සල්ලි වැඩිපුරම යන්නේ පොහොට්ටුවේ ඉහළ දේශපාලනඥයන්ට බවයි ඔහු පෙන්වා දෙන්නේ. මත්පැන් බෝතල් වල ස්ටිකර් ඇලවීමේ ක‍්‍රියාවලිය යන්නෙද හොර පාරේ බවත් පවසන ඔහු මෙම ජාවාරම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x