කොළඹට කිරි . . .

කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි  සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය.

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ මූලික අරමුණින් උදෑසන හා හවස් කාලයේ මෙලෙස එළකිරි බෙදාහැරීම සිදු කරයි.

නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාවේ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබෙන බවද 0117 173984 දුරකථන අංකයට අමතා දියර එළකිරි ඇනවුම් කිරීමට හැකි බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්.  සිරිල් පැවසීය.

කොළඹ නගර සීමාව හා අවට ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇනවුම් බාරදීමට  කටයුතු යොදා ඇති බව සිරිල් කීය.

නාරාහේන්පිට  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී මෙහි ආරම්භක අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසූයේ  ඉදිරියේ දී දියර කිරි බෙදාහැරීම කොළඹින් පිට ප්‍රදේශවලටත් ප්‍රචලිත කිරීමට තීරණය කර තිබෙන බවයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ජිනේරුවන් නැතිව නොරොච්චෝලේ අවුලක . . .

Mon Sep 11 , 2023
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ මෙහෙයුම් ලබන නොවැම්බර් මස ආරම්භ කිරීම සඳහා පුහුණු පළපුරුදු විදුලි ඉන්ජිනේරුවන් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග ‘මව්බිම’ට සඳහන් කළේ ය. මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු එම ජනන යන්ත්‍රය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා දින 100ක කාලයක් නවතා ඇති අතර එම නඩත්තුව අවසන් වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x