ප්‍රසිද්ධ ඖෂධ සමාගමේ ලොක්කා දිවි නසා ගනී . . .

අන්තිම කැමති පත්‍රයකින් බිරියට සහ දරුවන්ට සිය දේපළ ලියා මොරටුව එගොඩඋයන ප්‍රදේශයට පැමිණි ප්‍රසිද්ධ ඖෂධ සමාගමක සාමාන්‍යාධිකාරි වරයෙකු ඊයේ(12) දහවල් මුහුදට පැන සිය දිවි නසා ගෙන ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් විජිත මාවතට ගොඩගසා ඇති බවට පොලිසියට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත මියගිය පුද්ගලයා පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිය සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර, ඔහු පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී , අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබා දී මට මැරෙන්න හිතිලා කියා පැවසී යයි මළ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බිරිඳ සිදු කළ ප්‍රකාශයක සදහන් වන බව එගොඩඋයන පොලිසිය කියයි.

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පුතුව පාසලට ඇරලවා ඔහු සේවය කරන සමාගමට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් එගොඩ උයන ප්‍රදේශයේ ජයන්ති මාවත අසලට පැමිණ මෝටර් රථය නවතා මද වේලාවක් ඒ මේ අත ඇවිදිමින් සිට අනතුරුව මුහුදු වෙරළ දෙසට ගොස් වැටකෙයියා ගාල අසල ඇඳ සිටි ඇඳුම් උනා තබා මුහුදට පැන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත

අනතුරුව පැය දෙකහමාරකට පමණ පසු සාමාන්‍යාධිකාරිවරයා ගේ මළ සිරුර ඔහු මුහුදට පැන්නා ස්ථානයේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් විජිත මාවත ප්‍රදේශයට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් අනුව පොලිසිය මඟින් සොයාගෙන ඇත එම පුද්ගලයා පැමිණි බව කියන මෝටර් රථය නවතා තිබූ ස්ථානයේ ගොඩනැගිල්ලක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී මියගිය අය මෝටර් රථයෙන් බැස මඳ වේලාවක් රැඳී සිට මුහුද දෙසට යන අයුරු එහි සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

මල සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ මුවින් උදරයේ පිරුණු වතුර සෙම ආකාරයෙන් මුවින් වැහෙන්නට වූයෙන් ඔහුට පණ තිබෙන බවට කීපදෙනෙකු ප්‍රකාශ කරන්නට වූ බැවින් වහා ඔහු පානදුර මූලික රෝහලට රැගෙන ගියත් වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව නිලධාරියකු පැවැසීය මියගිය අය යම් රෝගී තත්ත්වයකින් පෙලුනු බවට නිවැසියන්ගෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මොරටුව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගයාන් පෙරේරා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීය. එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල ගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

  • ෂෙහාන් ජයවර්ධන – ගල්කිස්ස
    බණ්ඩාරගම – බිමල් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජිතගේ විදෙස් ගමන් තහනම ඉවතට . . .

Thu Sep 14 , 2023
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (14) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x