මාරාන්තික වෛරසයක් ඉන්දියාවෙන් . . .

දුර්ලභ වෛරස් ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වෛද්‍ය බලධාරීන් පවසන්නේ “එම දෙදෙනා නිපා නම් වෛරසය ආසාදනය වීමෙන් මියගොස්” ඇති බවය.

ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් තිබුණි.

ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යවා තිබේ.

නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව  ස්පර්ශයෙන් බවත් වෛද්‍යවරු පවසති.

ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද සඳහන් ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසිද්ධ ඖෂධ සමාගමේ ලොක්කා දිවි නසා ගනී . . .

Wed Sep 13 , 2023
අන්තිම කැමති පත්‍රයකින් බිරියට සහ දරුවන්ට සිය දේපළ ලියා මොරටුව එගොඩඋයන ප්‍රදේශයට පැමිණි ප්‍රසිද්ධ ඖෂධ සමාගමක සාමාන්‍යාධිකාරි වරයෙකු ඊයේ(12) දහවල් මුහුදට පැන සිය දිවි නසා ගෙන ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් විජිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x