සචිත්‍ර සේනානායක කටහඬ පරීක්‍ෂණයකට . . .

මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකතන ඇමැතුම් ලබා දී ඔවුන්ව තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (සැප්. 13දා) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

කටහඬ පරීක්ෂණයක් සඳහා සැකකරුව මෙම 13 වන දින පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් බන්ධනාගාර අධිකාරිවරයාට කළ නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහුව එසේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම තරග පාවා දීමේ සිද්ධියට අදාළ හඬ පට තම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව ත් එම හඬ පට සැකකරුගේ කටහඬ හා ගැළපෙන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඔහුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන ඉකුත් නඩුවාරයේදී මෙම නියෝගය නිකුත් කර තිබිණි.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙම 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දෛනිකව ඉන්ධන මිල සංශෝධනයක් . . .

Wed Sep 13 , 2023
ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. අමාත්‍යාංශයේ පැවති මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x