දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව . . .

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 32 කට හමුදා ආරක්ෂාව ලබාදී ඇති බව, හමුදා ප්‍රකාශකවරයා පවසනවා.

කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කරයි..

අද (13) කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කර තිබෙන බව වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි.

පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් සිදු කළ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12) දුම්රිය ගමන් වාර 113ක් අවලංගු කෙරුණා.

වහාම දුම්රිය ස්ථාන වලට ආරක්ෂාව තරකරයි..මගීන්ටත් විශේෂ පණිවුඩයක්..

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් පැවතිය ද, ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග සියල්ලේ ම දුම්රිය 35 ක් ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත යුධ හමුදාව යෙදවා ඇති අතර, අවශ්‍ය වුවහොත් අනෙකුත් දුම්රිය ස්ථාන වෙතද යොදවන බව, හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

මේ අතර, ඊයේ (12) ඇරඹුනු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල විවිධ ගැටලුකාරි තත්ත්වයන් උද්ගත වන බව දකින්නට ලැබුණා.

හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් වැටී තරුණයකු මිය යෑමේ සිද්ධිය නිසාත්, දුම්රිය රියැදුරු සහ මගීන් අතර බහින්බස්වීම් ඇති වුණ අතර එම බහින්බස්වීම් දුරදිග ගිය තත්ත්වයන් ද දක්නට ලැබීය.

මෙලෙස, දුම්රිය බලාපොරොත්තුවෙන් පැමිණෙන මගීන් දුම්රිය ප්‍රමාද වීමෙන් මුහුණ දෙන මහත් අපහසුකාරී තත්ත්වයන් නිසා මතු විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මර්දනය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට සිදූ වුණ බවයි වාර්තා වන්නේ.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සහල් මිල යළි වේගයෙන් ඉහළට . . .

Wed Sep 13 , 2023
මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළමින් පැවතුණද සහල් මිල වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත අනුව මෙයට අදාළ මිල ගණන් හෙළිකර ඇත. පසුගිය මාසයේ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 203.20ක් වූ අතර පසුගිය සතිය වනවිට එය 209.00ක්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x