දෛනිකව ඉන්ධන මිල සංශෝධනයක් . . .

ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී ඉන්ධන බෙදාහැරීම ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු සාකච්ඡා කර ඇත.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිඝනකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් . . .

Wed Sep 13 , 2023
වැඩවර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට අද (13)දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි. උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x