පුද්ගලික වෛද්‍ය උපාධි එපා . . .

රජය විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් පිහිටුවීමට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය විකිනීමට තීරණය කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද‍්‍රජිත් සඳහන් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය මුදලට විකිණීමට සඳහා පීඨයට ඇතුළත් වන සිසුන්ට මාස 6 ට පසු පැවැත්වෙන මූලික විභාගය පවා අහෝසි කර දැමීමට සැලසුම් කර ඇති බවයි.

ඉංජිනේරු උපාධිය අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් සඳහා මුදලට විකිණීමට මේ ආකාරයට කටයුතු කරමින් තිබෙන බවත් මේ හරහා උපාධියද ගුණාත්මක භාවයට බලපාන බව හෙතෙම පැවසීය.

වෛද්‍ය පීඨ ආචාර්ය වරුන්ගේ හිඟයක් ඇති වී තිබියදී පවා ඊට විසදුම් නොදී පෞද්ගලික වෛද්‍ය පිඨ තුනක් ඇති කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ඊට දැඩි විරෝධය දක්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඉන්ජිනේරු උපාධිය විකිනීමට සැලසුම් කිරීමට එරෙහිව හා පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති කිරීමට සැලසුම පරාජය කිරීමට සරසවි සිසුන් ඒකාබද්ධ කර දැවැන්ත විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් තවදුරටත්  කියා  සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙළෙඳ කුටියේ පීත්ත පටියට ලක්ෂ 10ක් . . .

Wed Sep 13 , 2023
සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x