මියගිය-ආබාධිත රණවිරුවන්ගේ බිරියන්ට ජීවිතාන්තය දක්වා . . .

යුද සමයේ  දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර  ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වීම මෙතෙක් පැවති ක්‍රමවේදය   බව එම නිවේදනයේ සදහන් වේ.

යම්   ආබාධිත සෙබළකුගේ මියයාම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු ප්‍රතිඵලයක් මත සිදු වී නොමැති  බවට වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු  නොකළහොත්   එම ආබාධිත හමුදා සාමාජිකයාගේ වැන්දඹුව වෙත  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම  වැටුප පමණ හිමි වු බවද   එම නිවේදනයේ සඳහන් වේ.

  • ඉන්දිකා රාමනායක

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සචිත්‍ර සේනානායක කටහඬ පරීක්‍ෂණයකට . . .

Wed Sep 13 , 2023
මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකතන ඇමැතුම් ලබා දී ඔවුන්ව තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (සැප්. 13දා) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x