අද (සැප්. 14) සවස සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ.ඩී.එස්. ගුණසිංහ mawbima.lk වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, අද දින උදෑසන ද දුම්රිය ප්‍රමාද වීම් වාර්තා වූ අතර උදෑසන කාලයේ දුම්රිය ගමන් වාර 44ක් අවලංගු කිරීමට සිදු වූ බව ය.
දින දෙකක් තිස්සේ වැඩවර්ජනයක නියැළුණු දුම්රිය බලවේග කට්ටල රියැදුරෝ සිය වර්ජනය අවසන් කළ බව ඊයේ (සැප්. 13) රාත්‍රියේ නිවේදනය කළහ.