සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක් . . .

සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වැය වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යොමුකර ඇති බව ද එම නිලධාරියා කීය.

නියඟය හේතුවෙන් සමනළවැව ජලාශය සිදී යෑමත් සමඟ කළ නිරීක්‍ෂණයේදී එම ජලාශයේ ජල කාන්දු වන ස්ථාන 7 ක් සොයාගත් බවත් කාන්දු වන ජල ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ අතහැර දැමූ උමගකින් කාන්දුවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම ජල කාන්දුවෙන් වසරකට රුපියල් කෝටි 200 ක පමණ පාඩුවක් වන බවත් එම කාන්දුවීම් 7 න් පමණක් වසරකට ජලය ඝණමීටර මිලියන 20 ක් පමණ අපතේ යන බවත් ඉංජිනේරුවෝ වාර්තා කර තිබුණි.

එම අපතේ යන ජලය ඝණමීටර මිලියන 20 ක ඉතිරිකරගත හොත් විදුලිබල නිෂ්පාදනයට යොදාගැනීමෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වසරකට ඉතිරිකරගත හැකි බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය ධාවනය යථා තත්ත්වයට . . .

Thu Sep 14 , 2023
අද (සැප්. 14) සවස සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ.ඩී.එස්. ගුණසිංහ mawbima.lk වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, අද දින උදෑසන ද දුම්රිය ප්‍රමාද වීම් වාර්තා වූ අතර උදෑසන කාලයේ දුම්රිය ගමන් වාර 44ක් අවලංගු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x