ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රට ගුවන් නියමුවන් . . .

රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික  අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් හැටකට ආසන්න පිරිසක් එම සමාගමෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග වලින් පැවසේ.

ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සඳහා රජයේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

ආර්ථික ගැටලු හේතුවෙන් ඉවත් වූ ගුවන් නියමුවන් රැසක් විදේශ ගුවන් සේවා සමග සම්බන්ධවී කටයුතු කරන බව  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තරුණයා පැහැරගත් ඩිෆෙන්ඩරය හිරුණිකාගේ . . .

Fri Sep 15 , 2023
කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණ 2015 දෙසැම්බර් 21 දින තරුණයකු පැහැරගැනීමේ සිදුවීමට අදාළව යොදා ගත් එම ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි අයිතිකරු හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වත්මන් සජිත් පිළේ සංවිධායිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බව, කොළඹ මහාධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) සිදු කර ඇති අනාවරණය අනුව තහවුරු වේ. ඒ එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x