පෙරහැරට ගෙනා අලියා සිසුවාට මරු කැදවයි . . .

පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි.

මෙම දරුවා අද දහවල් කිසිවකුට නොදන්වා අලියා බැද සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම සිද්ධි සිදුව ඇති බව පොලිසිය කියයි.

අලියා පෑගීම නිසා බරපතල තුවාල ලැබු සිසුවා විහාරස්ථානයේ පිරිස් විසින් රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

පනාමුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙක් අත්අඩංගුවට . . .

Fri Sep 15 , 2023
ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන තිබේ. විශාල කොකේන් තොගයක් සැපයීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවක් මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44කට ක්‍රීඩා කර ඇති ස්ටුවර්ට් මැක්ගිල් 52 හැවිරිදි වියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x