ආයතන රැසක දත්ත වැනසිලා . . .

මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින්  කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්  ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.

පසුගිය අගෝස්තු මස 26 වැනිදා කෙරුණු මෙම සයිබර් ප්‍රහාරයෙන් රජයේ ආයතන රැසක දත්ත අහිමිවී ඇති බව පැවසූ වැඩබලන අමාත්‍යවරයා මාස දෙකක පමණ දත්ත එකතු කිරීමට ඇති බවද සඳහන් කළේය.

එම දත්ත එකතු කරගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

මේ අතර මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයෙන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන්ද වාර්තා  කැඳවා ඇති  බව  කනක හේරත්  වැඩිදුරටත් පැවසීය.

මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම  කරුණු සොයා බලා ගෙන යයි.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසරකට කලින් උපාධිය ගන්න අවස්ථාව . . .

Sat Sep 16 , 2023
වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. “දරුවෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාවට විභාගයක්. වෙලාවට ප්‍රතිඵල. වෙලාවට උසස් අධ්‍යාපනයට යා හැකි දොරටු විවෘත වීමක්. ඒ නිසා මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා. දරුවන් උපාධිය කරා ගමන් කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x