මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න . . .

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක  පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි.

වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය මව, මිත්තනිය හා වසර 1 1/2 වන බාල සොහොයුරා සමග ඉකුත් 6 වැනි දින නල්ලුර් ප්‍රදේශයට පැමිණ යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව මඩකලපුවේ සිට පැමිණි බවට ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.

දැරියගේ මව දැරිය මිත්තනිය බාර දී ඇය මුදල් එක්රැස් කිරීමට ගොස් සිටියදි මඩකලපුවේ සිට පැමිණ බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටවගොස් ඇති අතර, මේ දක්වා සැකකාරිය හා දැරිය යළි පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව  යාපනය මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම සැකකාරිය හා දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොමැති . මේ සම්න්ධයෙන් පොලිසිය දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඡායාරූපයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම පොලිස් ස්ථානයට හෝ යාපනය මුලස්ථානය පොලිසියේ 021-2222222 , 0213211257 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආයතන රැසක දත්ත වැනසිලා . . .

Sat Sep 16 , 2023
මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින්  කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්  ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි. පසුගිය අගෝස්තු මස 26 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x