රාජකාරී දීමනා වැඩිකිරීමක් . . .

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

අද (16) කොළඹ පැවති සමුළුවක දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව පැවසීය.

දෙදිනක් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ එම සමුළුවේ දී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහි දී තීරණය වී ඇත්තේ, ග්‍රාම නිලධාරීන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තිරණය කළ යුතු බවයි.

දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට . . .

Sat Sep 16 , 2023
විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ  රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට  ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි  බුද්ධි අංශ රජයට බාරදී ඇති  වාර්තාවක සඳහන් වේ. මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත. සමහර ප්‍රධානීන් තමන්ගේ  පෞද්ගලික වාහන  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x