පොතුවිල් පුරාවිද්‍යා ඉඩම් බලධාරීන් බෙදාගෙන . . .

පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මුදලට සහ ඡන්දවලට යටවී නීතිය ක්‍රියාත්මක නොකර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.

නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පුරාවස්තු සංහාරයට ඉඩදී බලාසිටින බව කී මන්ත්‍රීවරයා භික්ෂූන් වහන්සේලාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා ස්ථානවල නිලභාරකරුවන් හැටියට බලයක් දෙන්නේ නම් එම විහාරස්ථානයේ වහන්සේලා ස්වේච්ඡාවෙන්ම පුරාවස්තු රැකගැනීම සූදානම් බව ද සඳහන් කළේය.
පොතුවිල් ප්‍රදේශයේ පිහිටි තර්ජනයට ලක්ව තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාමක් ඇති ස්ථාන පිළිබඳව සොයා බැලීමට එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල එසේ පැවසීය.

සෙංගමුව වන රක්ෂිතයට අද වන රක්ෂිතයක් නොමැති තත්වයට පත්ව ඇති බවත් ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු බලවතුන්ගේ අනුග්‍රහයෙන් වනය සම්පූර්ණයෙන්ම කපා ගම්මාන පිට ගම්මාන ඉදිකර ඇති බවත් ඔහු කීය.

පුරාවිද්‍යා රක්ෂිතයේ ගල් ටික ගලවා එක තැනකට එකතු කර, ඇතැම් ඒවා කළපුවට විසිකර ඇති බව ඔහු පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් ගල් ඉවත් කර ලෙන් විහාර සහිත පුරාවිද්‍යා බිම විනාශ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන්යානා අනතුරකින් 14ක් මිය යයි . . .

Sun Sep 17 , 2023
බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුගේ හෝ දිවි බේරී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැවති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දර්ශන පථය අපහැදිලි වීම අනතුරට හේතු වී තිබුණි. අනතුරින් මියගිය සංචාරකයින්ගේ ජාතිකත්වය පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x