ජම්මු – කාශ්මීර්හි ත්‍රස්තවාදීන් ගැටුම් . . .

ඉන්දියාවේ ජම්මු – කාශ්මීර්හි ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

ගැටුම්වලින් මේ වනවිට ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇතැයි සඳහන්ය.

එමෙන්ම තවත් පිරිසක් අතුරුදන් ව ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

වන භූමියක මෙම ගැටුම් ක්‍රියාත්මක වන අතර, ත්‍රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර ඇත.

එමෙන්ම ඔවුන් ඉතාමත් උපක්‍රමශීලී ලෙස සැඟ ව සිට පහර දෙන බව ද වාර්තා වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මසකට කොන්දොස්තර මහතුන් 100ක් සේවයෙන් ඉවතට . . .

Sun Sep 17 , 2023
මූල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මසකට කොන්දොස්තර මහතුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ සේවය අත්හිටුවීම කරන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසීය. ලංගම තුළ දැඩි කොන්දොස්තර හිඟයක් පවතින බව කී සභාපතිවරයා ඒ හේතුවෙන් රියැදුරන් 900 ක පමණ සංඛ්‍යාවක් බඳවාගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x