තිලීපන් සැමරුම යුද පිටියක් වෙයි . . .

උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන අද (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශ වාසින් පහර දිම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය.

තිලිපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගි ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ව රාජා ගජේන්ද්‍රන් ටද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දුන් අතර රථ පෙලපාලියේ පිටුපසින් පැමිණි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන ගියහ.

මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවැසිමත් සමග මෙම ගැටුම හට ගත් බව ප්‍රෙද්ශවාසීහු කියති.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා වරයා කැබ් රථයෙන් බසිද්දි අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින් පයින් හා හෙල්මට්වලින් පහර දුන් බවත් මග හරස් කර විරෝධතාව දැක්වු පිරිස් අතර කාන්තාවන් ද සිටි බව ප්‍රදේශවාසීහු කියති.

පැමිණි රථ වලට ගල් මුල් ප්‍රහාර එල්ල වු අතර සරසන ලද කැබ් රථයේ සැරසිලිද කඩා දැමුහ. එල්ල වු ගල් මුල්වලින් කැබ් රථයටද හානි සිදු වූ බවත් පසුව පැමිණි වාහන ආපසු හරවා ගෙන තඹලගමුව දෙසටපලා ගිය බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

  • අමදෝරැ අමරජීව
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජේ.ආර් 117 වන ජන්ම දින සමරුම . . .

Mon Sep 18 , 2023
වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි හිටපු කතානායක කරු ජයසූරිය ජේ.ආර් ජයවර්ධන 117 වන ජන්ම දින සමරුම් උත්සවයේදී ඊයේ (17) පැවසීය. කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම සැමරුම පැවැත්විණි. අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය විසින් සිදු කළේය. ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x