රජිව් ඝාතකයන් යළි මෙරටට . . .

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිදහස් කළ අතර ඉන් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය.

ශාන්තන්, ශ්‍රීහරන්, ජයකුමාර් සහ රොබර්ට් පායස් යන මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා ගමන් බලපත්‍ර හෝ අදාළ ලියකියවිලි නොමැතිව නීති විරෝධිව බෝට්ටුවෙන් ඉන්දියාවට පැමිණ තිබෙන බව චෙන්නායි හි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මොවුන් නැවත ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය පියවර සම්පූර්ණ වන තෙක් ට්‍රිචි හි විදේශිකයන් රඳවා තැබීමේ කඳවුරේ රඳවා තබන බව එම කාර්යාලය පෙන්වා දී තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාස්කු කුමන්ත්‍රණයේ මහමොළකරු සෙවීමට බාධා 5ක් . . .

Tue Sep 19 , 2023
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයේ සියලු පරීක්ෂණ ඇනහිට තිබෙන ස්ථාන 05ක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනෙවිරත්න ඊයේ (18) රාත්‍රියේ ටීඑන්එල් රූපවාහිනී නාළිකාවෙන් විකාශනය කළ ජනහඬ වැඩ සටහනේදී හෙළිකරනු ලැබීය. හිටපු CID ප්‍රධානියා හෙළිකළ එම විමර්ශන ඇනහිට ඇති ස්ථාන 05 මෙසේය. 1. අබුහිඩ් හඳුනා ගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x