ඇමෙරිකන් සුනඛයන් බ්‍රිතාන්‍යයේ තහනම් . . .

‘ඇමෙරිකන් එක්ස් එල් බුලි’ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සුනඛයන් දැඩි ප්‍රචණ්ඩකාරී බැවිනි.

බ්‍රිතාන්‍යයේ ද ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇත. එසේ ප්‍රහාරයට ලක්වුණු කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි.

ඒ අනුව, මෙම 2023 වසර අවසානයේ, සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පැහැදිලි කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට අප්‍රසාදය පළ කළ පිරිස් ද සිටිති.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියානු කුසලානය ඉන්දියාවට . . .

Mon Sep 18 , 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවලිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 15යි පන්දු 2කදී ලකුණු 50කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාජ් කඩුළු 6ක් දවා ගැනීමට සමත් විය. හර්ඩික් පාණ්ඩ්යා දවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x