රම්‍යා ශ්‍රියාණි පතිරණ අභාවප්‍රාප්තවේ . . .

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට  එක්වූ ඇය 1981 වර්ෂයේ  සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය.

ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර  ඇය මෙහෙය වූ  විවිධ වැඩසටහන්  ගණන විශාල  සංඛ්‍යාවකි.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අඵයම අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය සෙනෙහෙබර මවකි. දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවෙසේ ප.ව. 2.00 සිට තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

  • සුජිත් ප්‍රසංග
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උද්දික ප්‍රේමරත්නට වෙඩි තබයි . . .

Mon Sep 18 , 2023
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී  වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x