IMF මුදල් ගැන විශ්වාසයක් නෑ . . .

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45 ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගෙන් සියයට 28 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1008 දෙනෙකුගේ යුත් නියැඳියක් තෝරාගෙන ඇත. එම නියැඳියට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත.එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා නියැඳියට පිළිතුරු 5 ක් ලබා දී ඇත.එම 1008 දෙනා ලබා දුන් පිළිතුරු අනුව සමීක්ෂණයේ ප්‍රතිඵල සැකසී තිබේ. මෙම සමීක්ෂණය පසුගිය ජූනි මාසයේදී සිදු කර තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක්

Mon Sep 18 , 2023
තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x