කටානේ ඉඩමකට ගම්පහ දේශපාලකයෝ වලිකති . . .

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදිරාන ග්‍රාමසේවක වසමේ ඉඹුල්ගස්වාඩිය අක්කර 60ක් පමණ වන රජයේ ඉඩමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු එකතු වී කූඨ ලෙස කුණුකොල්ලයට ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතට පැවරී ඇති මෙම ඉඩමේ දැනට කටාන පොලිස් ස්ථානය, සමුපකාර ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය ජලසම්පාදන කාර්යාලය, පශු වෛද්‍ය කාර්යාලය, එම්.ඩී.එච්. කාර්යාලය, කටාන ප්‍රාදේශීය සභාව, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රතු කුරුස කාර්යාලය, තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍ය ගොඩනැගිලි පවත්වා ගෙන යන අතර මෙය දැනට හලාවත වැවිලි සමාගමට 2045 වසර දක්වා බදු ගිවිසුමක් යටතේ පවරා දී තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රජයට පවරා ගත් ඉඩම් වෙනුවෙන් අධිකරණ නියමයකට අනුව ඔහුට අක්කර පනහක ඉඩමක් වෙනත් ප්‍රදේශයකින් ලබා දීමට නියම වූ අතර ඔහු ඒ සඳහා ඉඩම් අක්කර 25ක් රජයෙන් ලබාගෙන ඇති අතර ඊට අමතරව අනෙක් ඉඩම් අක්කර 25 මෙම ඉඩමෙන් ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

ඒ අනුව, එම අක්කර 25 රුපියල් ලක්ෂ 17 1/2ක වටිනාකමකට රජය තක්සේරුව වේ. ඒ අනුව පර්චස් එකක මිල රුපියල් 425කි. මේ ඉඩම පිහිටි ප්‍රදේශයේ පර්චසයක වාණිජ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන බව ප්‍රදේශවාසීහු පවසති.

දේශපාලකයන් පිරිස මෙම සම්පූර්ණ ඉඩම ම නීත්‍යනුකූල ස්වරූපයෙන් කූඨ ලෙස ලබා ගැනීම සඳහා මේ වන විට දැඩි උත්සහයක් දරමින් සිටින බවට ඔවුහු චෝදනා කරති.

කටාන හිටපු මන්ත්‍රීවරයෙකු වන විජයපාල මෙන්ඩිස් මෙන් ම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නගර සැලසුමකට අනුව කටාන නගරය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබියදී දැන් එම ඉඩම් ඉල්ලන පුද්ගලයාට වෙනත් ප්‍රදේශයකින් ඉඩම් ලබා දී මෙම ඉඩම ආපසු රජයට පවරාගෙන යෝජිත නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීහු පෙරේදා උද්ඝෝෂණයක යෙදෙමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

මේ වන විට එම ඉඩමේ තිබූ ගස් කපා එළි පෙහෙළි කර ඇත.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු ම දේශපාලන පක්ෂවලට සම්බන්ධ ප්‍රදේශවාසීන් මෙන් ම මහා සංඝරත්නය හා අන්‍යාගමික ආගමික නායකයෝ ද මෙම උද්ඝෝෂණයට සහභාගි වෙමින් මෙම ඉඩම යළි රජයට පවරාගෙන නගර සංවර්ධනයට යොදා ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරාය නගරය ලෝකයට හඳුන්වා දෙයි . . .

Tue Sep 19 , 2023
කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ  දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තුවේ දී පැවසීය. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම  වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x