කුඩු කතගේ දේපොළ ප්‍රාදේශීය ලේකම් බාරයට . . .

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බාරයට පත් කළේය.

එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මහාඅධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාල තුන් මහල් ගොඩනැගිල්ල සහ ඉඩම කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය යටතට පත් කරන ලෙස මහාධිකරණය නියෝග කොට තිබුණි.

ඒ අනුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ නිසි අවසරයක් නොමැතිව එම දේපොළ කිසිවකුටත් පැවරීම, විකිණීම හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදා ගැනීම එහි හිමිකරුට නොහැකි වනු ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහාධිකරණය මගින් අදාළ නියෝගය ලබාදී තිබේ.

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙඩි ප්‍රහාරය ගැන උද්දික කියූ කථාව . . .

Tue Sep 19 , 2023
රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි. අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා, “මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x