නැවතී ඇති මාර්ග ඉදිකිරීම් නැවත ඇරඹේ . . .

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසයි.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත අතර එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිමකර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මේ රටේ මහාමාර්ග හදලා වැඩ භාගෙට නතර කරපුවා මේකට ගෙවන්න මුදල් නැතුව කොන්ත්‍රාත්කරුවෝ විශාල අසීරුතාවයකට පත්වුණ වෙලාවක්. මේ මුදල ඉක්මනින් ගෙවලා දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වෙනවිට ගෙවීමට තිබුණා, මිලියන 180.9ක් මම එනකොට. එතකොට මේ මුදල අවුරුද්දට අඩු කාලයක්, පාරවල් හදන්න වියදම් වෙන මුදලට සමානයි කියන එක තමා මම හිතන්නේ. අපි මේ වෙනවිට මිලියන 151.7ක් ගෙවලා තියෙනවා. අදට ගෙවන්න තියෙන්නේ මිලියන 29.2ක්. මේ මුදල සම්පුර්ණයෙන් ගෙවලා කොන්ත්‍රාත්කරුවෝ අද නිදහස්වෙලා. නැවත මේ කටයුතු කරන්න පටන් ගෙන තියෙන්නේ. අපි මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා පාරවල් නඩත්තු කිරීම වගේම නතර කරපු පාරවල් ඉවර කරන්න ඉදිරි කාලයේ දී කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෝමාලියාවට ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවයි . . .

Tue Sep 19 , 2023
ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට විමර්ශනයකින් අනාවරණය වී ඇති බවයි. ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x