පාස්කු කුමන්ත්‍රණයේ මහමොළකරු සෙවීමට බාධා 5ක් . . .

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයේ සියලු පරීක්ෂණ ඇනහිට තිබෙන ස්ථාන 05ක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනෙවිරත්න ඊයේ (18) රාත්‍රියේ ටීඑන්එල් රූපවාහිනී නාළිකාවෙන් විකාශනය කළ ජනහඬ වැඩ සටහනේදී හෙළිකරනු ලැබීය.

හිටපු CID ප්‍රධානියා හෙළිකළ එම විමර්ශන ඇනහිට ඇති ස්ථාන 05 මෙසේය.

1. අබුහිඩ් හඳුනා ගැනීමට බාධා සිදු කිරීම

2. සුරේෂ් සලේගෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට අධිකරණයේ නියෝග ලබා ගැනීමට පවා සිදුවූවද එය කළ නොහැකි වීම.

3. සොනික් සොනික් යන නාමයෙන් හැඳින්වූ බණ්ඩාර පරීක්ෂණ පැවැත්වීම රාජ්‍ය බුද්ධි අංශයෙන් නතර කිරීම.

4. දුරකතන IMEI අංකයක් ලඟින් නැවතීම.

5. වව්නතිව් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යාමටත් පෙර හමුදා බුද්ධි අංශ ලඟාවී තිබීම.

එම සාකච්ඡාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩි දුරටත් එම වැඩ සටහනේදී සඳහන් කළේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමේදී පවා මෙතරම් සංවිධානාත්මකව එකම වේලාවකදී ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සමත් නොවූ බවය. එහෙත් එවැනි තත්වයක් අභිබවා ගිය මෙම ප්‍රහාරය මෙහෙයවා ඉස්ලාම් අන්තවාදී නායක සහරාන් හෂීම් පවා ඝාතන කිරීම මෙහෙය වූ බලවේගයක් මේ පිටුපස සිටියේ යැයි ප්‍රබල සැකයක් පවතින බව අවධාරණය කරනු ලැබීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පර්සිට ලක්‍ෂ 50ක් පිරිනමයි . . .

Tue Sep 19 , 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50 ක මුදලක්  පරිත්‍යාග කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ පර්සි අබේසේකර  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ඇති තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ මහත්මයෙක් බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x