මාතර මහින්දේ සිවිලිමෙන් පුපුරණ ද්‍රව්‍ය . . .

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන මෙම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් සගවා තැබුවේද ? එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද ? යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය සොයා ගනු ලැබීය.

  • ක්‍රිෂාන් ජීවක ජයරුක්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළි සියලුම බදු අඩු කරයි . . .

Tue Sep 19 , 2023
අය වැයේ දී උපයන විට බද්ද සංශෝධනයට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  අවධාරණය කරනවා. ඒ ඔහුගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එක් වෙමින්. බදු සංශෝධනයෙන් බලාපොරොත්තු අරමුණු සහ ආදායම් උපයාගෙන ඇත්දැයි කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් එහිදී විමසා තිබේ. එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x