යළි සියලුම බදු අඩු කරයි . . .

අය වැයේ දී උපයන විට බද්ද සංශෝධනයට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  අවධාරණය කරනවා.

ඒ ඔහුගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එක් වෙමින්.

බදු සංශෝධනයෙන් බලාපොරොත්තු අරමුණු සහ ආදායම් උපයාගෙන ඇත්දැයි කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් එහිදී විමසා තිබේ.

එම නිලධාරීන් පැවසුවේ, බදු සංශෝධනයෙන් මේ වසරේ මේ වන විට අපේක්ෂිත ආදායම ලැබී නොමැති බවයි.

ඒ අනුව, ගාමිණී වලේබොඩ සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිතිවලට දැනුම්දී ඇත්තේ, බදු සංශෝධනය පිළිබඳ සියළුම පාර්ශව එකඟ වන යෝජනා සති දෙකක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නැවතී ඇති මාර්ග ඉදිකිරීම් නැවත ඇරඹේ . . .

Tue Sep 19 , 2023
ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසයි. ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත අතර එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිමකර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x